රටක් ලෙස සෛරීත්වය සහ භෞමික අඛණ්ඩතා ව ආරක්ෂා කර ගැනීමට නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් ආකාරයට සම්බුද්ධ ශාසනයට ප්රමුඛස්ථානය ලබා දී සෙසු ආගම් සහ ජාතීන් නියෝජනය කරන ජනතාවට ද හිමි නියමිත සංස්කෘතික අනන්යතාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළේ අමරපුර ගණපාමොක්ඛාචරිය, අරියවංසාලංකාර, මහොපාධ්යය, පණ්ඩිත, අමරපුර මහා නිකායේ මහනායක ස්ථිවිර ආචාර්ය අතිපූජ්ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට කොළඹ 14 පිහිටි ශ්රී ඉසිපතනාරමය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී නාහිමියන් හමුවේ අදහස් දක්වමිනි.
එහි දී අතිපූජ්ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක ස්වාමීන්ද්රයන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේගෙන් ආශිර්වාද සහ අනුශාසනා ලබා ගැනීමට ද විපක්ෂ නායකවරයා පියවර ගත්තේය.
වර්තමානයේ ශ්රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා උන්වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
රටක් ලෙස සෛරීත්වය සහ භෞමික අඛණ්ඩතා ව ආරක්ෂා කර ගැනීමට නම් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ සඳහන් ආකාරයට සම්බුද්ධ ශාසනයට ප්රමුඛස්ථානය ලබා දී සෙසු ආගම් සහ ජාතීන් නියෝජනය කරන ජනතාවට ද හිමි නියමිත සංස්කෘතික අනන්යතාව ලබා දිය යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.














