අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 140 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ පොලිස් වසමේ කුළීගොඩ ප්‍රදේශයේදී ඊයේ (12) සවස ඇල්පිටිය කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත නිවසක් සෝදිසි කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 140 ක්, කුෂ් ග්‍රෑම් 510ක්, මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 32 ක් වන කුළීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website