
ග්‍රාමීය ජනතාව හුදෙක් සංවර්ධනයේ ප්රතිලාභ පමණක් ලබන පිරිසක් ලෙස නොව ඔවුන් ද සංවර්ධනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්, නවෝත්පාදකයින් සහ පෙරගමන්කරුවන් විදියට හඳුනාගත යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද (07) කොළඹ ගාළු මුවදොර හෝටලයේ පැවැත්වුණු ග්‍රාමීය සංවර්ධන නවෝත්පාදන පිළිබඳ ආසියා-පැසිපික් සමුළුවේ ආරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
කලාපීය සහයෝගිතාව දේශීය අත්දැකීම්වලින් ඔබ්බට ගොස් වෙනස් විදියට සිතන්න අපට ඉඩ සලසා දෙන බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
මෙම සමුළුව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ද සහභාගී වුණේය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය (CIRDAP එක්ව මෙම සමුළුව සංවිධානය කළේය.















