කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රයේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රත්‍රං ග්‍රෑම් 916ක් අඩංගු පාර්සල් 12 ක් සමඟ සැකකාරියක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 38 ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය කටුනායක ගුවන්තොටුපොලේ රේගු මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.















