ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 23වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද (16) නියෝග කළේය.
ඇප අයදුම්පත පිළිබඳ නියෝගය සැප්තැම්බර් 23 වන දින ලබා දෙන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.















