දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා කාණ්ඩ 4ක් යටතේ නව තීරු බදු ක්‍රමයක්

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් කාණ්ඩ 4ක් යටතේ නව තීරු බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේය.

එම කාණ්ඩ 4 යටතේ 0%, 10%, 20,% සහ 30% යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සඳහා සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරා ගත් භාණ්වලට 30% උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බවත් පැවසූ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිෂ්පාදනයන්ගේ ද පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website