
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (11) පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය කිහිපයක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඉන් පිටත්ව ගියේය.
ඔහු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් කටයුතු සමයේ මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය වෙත අද කැඳවා තිබුණේය.














