ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාවට අභියාචනා භාර ගැනීම ඇරඹෙයි

2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා භාරගැනීම අද (07) සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

අද (07) දින සිට මෙම මස 21 වන දින දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පමණක් අභියාචනා ඉදිරිපත් කළ යුතුය.

අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා විසින්, පාසල වෙත ලබා දී ඇති පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) භාවිත කර [https://onlineexams.gov.lk]වෙබ් අඩවියේ ඇති SCHOOL LOGIN වෙත පිවිස මෙම අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව ද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website