ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය සහ ව්‍යාජ නාමයන් යොදා පානීය ජල බෝතල් අලෙවි කළ අවිස්සාවේල්ල ආයතනයකට දඩ නියම කළ අධිකරණය ව්‍යාජ ජල බෝතල් 8,500කට අධික තොගයම විනාශ කිරීමට නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද (07) නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහතික බලපත්‍රය ලබා නොගෙන ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කරමින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලත් “Lanka Premium” නාමය වෙනුවට පාරිභෝගිකයන් රවටමින් “Aquachill” යන නාමය භාවිත කරමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කර බෙදාහැරීම සම්බන්ධයෙන් සීතාවක, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ඩී.ටී.එස්. ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගමට සහ එහි අධ්‍යක්ෂවරයාට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් 2026.08.21 දින සිදුකළ වැටලීමේදී ලීටර් 19, ලීටර් 5, මිලිලීටර් 1500, 1000 සහ 500 ප්‍රමාණයේ ව්‍යාජ ලේබල් සහිත පානීය ජල බෝතල් විශාල තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.
2026.09.04 දින මෙම නඩුව අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගත් අතර, සමාගමට සහ එහි අධ්‍යක්ෂවරයාට රුපියල් 40,000/- ක දඩ මුදලක් නියම කරන ලදී.
තව ද, නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පානීය ජල බෝතල් 8,500කට අධික සම්පූර්ණ තොගයම විනාශ කිරීමට ගරු මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, එම අධිකරණ නියෝගය අනුව අදාළ ජල බෝතල් තොගය අධිකරණ භූමියේදීම විනාශ කර දමන ලදී.
පාරිභෝගික ඔබත් පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී නියමිත වෙළෙඳ නාමය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය සහ නිල SLS ප්‍රමිති ලාංඡනය පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
















