ඡායාරූප ප්‍රසිද්ධකර අත්අඩංගුවට ගැනීමට සෙවු චීන ජාතික සැකකරුවන් තිදෙනාගෙන් තෙවැන්නාත් අත්අඩංගුවට

2026.07.23 වන දින කොළඹ වරාය නගරයේදී චීන ජාතික පුද්ගලයින් තිදෙනෙකු පැහැරගෙන ඉන් එක් පුද්ගලයෙකු ඝාතනය කර තිබූ අපරාධය සම්බන්ධ විමර්ශන සිදුකළ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය, Chen HongBing නම් සැකකරු ඊයේ (04)උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒ්කක 05 ස්ථානාධිපතිවරයා විසින් එම ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායම සමඟ මෙම සැකකාර චීන ජාතික පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කොළඹ වරාය නගරය තුල සිටියදීය.

සැකකරු 2026.09.05 වන අද දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.

මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය චීන ජාතිකයින් තිදෙනෙකුගේ ඡායාරූප ප්‍රසිද්ධකරමින් මින් පෙර පළකර තිබූ නිවේදනයේ ඇතුළත් සියළු සැකකරුවන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශනය ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website