සිය උසස්වීම් ලැබිය යුතු කාලයට එළඹ නිශ්චිත දිනයක් නොමැතිව බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ පොලිස් නිලධාරීන් 1489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් පිරිනැමීම ඊයේ (03) ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සැමරුම් උත්සවයට සමගාමීව සිදුවිය.
ඒ අනුව සංකේතාත්මකව නිලධාරීන් 20 දෙනෙකු සඳහා උත්සව අවස්ථාව අතරතුර ජනාධිපතිතුමන්ගේ දෑතින් උසස්වීම් ලිපි පිරනමන ලදී.
















