අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේය.
නව මිල අඩු කිරීම් අනුව අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර ඇති අතර දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් අඩු කර ඇත.
















