ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් මස 10 වැනි දින සිට 23 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තාවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණයි.
මෙම සංචාරය අතර තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍ර සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇත.












