2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත හය වන ශ්‍රේණිය සඳහා අයදුම්පත් යොමු කිරීම විදුහල්පතිවරුන් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ අද (03) සඳහන් කළේය. ඒ සඳහා අදාළ දින වකවානු සහ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ශිෂ්‍යත්ව සමතුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්















