
ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලාපද්මේන්ද්‍ර මහත්මිය අද (31) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 46 වන වියේ පසු වූවාය.
මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිළියන්දල පොලිසිය සඳහන් කර ඇත්තේ ඇයගේ අභාවය සැකකටයුතු බවයි.
පිළියන්දල වෑවල, ගංගාරාම පාරේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් ඇඳක් මත ඇය මිය ගොස් සිටි බව පොලිසිය පැවසුවේය.
ව්‍යාපාරිකයා විසින් මේ පිළිබඳව පිළියන්දල පොලීසිය වෙත දැනුම් දුන් බව පොලිසිය පැවසුවේය.
ඇය බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව මෙම ව්‍යාපාරිකයා සමඟ අද (31) අලුයම එම නිවසට පැමිණ ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද පිළියන්දල පොලිසිය වැඩි දුරටත් හෙළි කළේය.















