කොළඹ වරායට ආනයනය කරන ලද බහාලුමක අයිස් මත්ද්‍රව්‍ය Kg 463ක් : වටිනාකම රු. කෝටි 800ක්

කොළඹ වරායට ආනයනය කරන ලද බහාලුමක සුක්ෂම ලෙස අසුරා මෙරටට රැගෙන එන ලද අයිස් මත්ද්‍රව්‍ය (මෙත්ඇම්ෆෙටමින්) තොගයක් මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යංශයේ නිලධාරීන් විසින් අද (31) දින අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යංශයේ නිලධාරීන්ට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. ඒ අනුව, කොළඹ වරාය පරිශ්‍රය වෙත ගෙන්වන ලද සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව අද දින එය දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී, මෙරටට ගෙන්වන ලද නිමි ඇඳුම් තොගයක් ( තුවා ) අතර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ, දළ වශයෙන් කිලෝ 01 බැගින් වූ අයිස් මත්ද්‍රව්‍ය (මෙත්ඇම්ෆෙටමින්) ඇසුරුම් 463කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මෙම ජාවාරම සම්බන්ධයෙන් බහාලුම මෙරටට ආනයනය කරන ලද ප්‍රධාන නියෝජිතවරයා ද මේ වන විට විමර්ශන කටයුතු සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ බර, එහි වටිනාකම සහ ජාවාරම පිටුපස සිටින අනෙකුත් ජාලයන් හඳුනා ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශණ කාර්යංශය විසින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website