ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතය සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
පොලිස් අනතුරු ඇඟවීම් නොතකා පරිශීලකයින් අධික ශබ්දයක් ඇති කරන්නේ නම් එම උපකරණ අත්අඩංගුවට ගත හැකි බවට පොලිසිය අනතුරු අඟවයි.
ශබ්ද උපකරණ නීතියට අනුකූලව සහ අවට පදිංචිකරුවන්ට බාධා නොවන ආකාරයෙන් හෝ මහජනතාවගේ සාමකාමී ජීවිතයට බාධා නොවන ආකාරයෙන් භාවිතා කළ යුතු බව පොලිසිය පැවසීය.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.














