ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී දෙපරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර තියණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ගාල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඊයේ (28) දින රාත්‍රී ගාල්ල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 24 ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පැරණි අමනාපයක් මත දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇති අතර ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 19, හා 29 වයස්වල පසුවන වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














