ශ්රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය හෙට (23) ආරම්භ වන අතර එය අගෝස්තු 27 වැනිදා දක්වා කොළඹ SSC ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2025–2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගය සඳහා ක්රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ.
පළමු තරගයේදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් මෙන්ම නිෂාන් මධුෂ්ක මෙම තරගයෙන් ඉවත්කර ඇති අතර මෙම සංචිතය සඳහා කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.
ශ්රී ලංකා සංචිතය – ලහිරු උදාර, කමිල් මිෂාර, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස් (උපනායක), ධනංජය ද සිල්වා (නායක), සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, කේෂර නුවන්ත, ප්රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු
















