පොලිස් වසමේ කොළඹ 09 ප්‍රදේශයේ මහල් නිවාසයක සිටි පිරිමි ළමයෙකු එම මහල් නිවාසයෙන් බිමට වැටී මියගොස් ඇති බවට ඊයේ (16) සවස මරදාන මරදාන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 12 ක් වූ කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු මහල් 14 කින් සමන්විත මහල් නිවාසයේ උඩු මහලේ පිහිටි නාන තාටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර එම මහලේ විවෘතව තිබූ ස්ථානයකින් පහළට ඇද වැටී මියගොස් ඇති බවට දැනට සිදුකර ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මරදාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












