විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගෝස්තු 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙම පනත් කෙටුම්පතට අමතරව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද එදිනම සභාගත කරන බව අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත.
මෙම පනත් කෙටුම්පත දින 14ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව ද ඔහු විසින් පවසා ඇත.
















