විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු කළ සංචාරය අතරතුර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ද සංචාරයක ද නිරත විය.
එහි දී ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට විපක්ෂ නායකවරයාට හැකි විය. මෙම ගැටලු ඉදිරි පාර්ලිමේන්තු දිනයක රජයේ අවදානයට යොමු කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායකවරයා ගොවි ජනතාවට පැවසුවේය.
















