අනියම් සැමියා සමඟ එක්ව සිවු හැවිරිදි දැරිය මහ මඟ දමා ගිහින් – සැකකාර යුවළ අත්අඩංගුවට

සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙනවිත් වත්තේගම යටිරාවණ මුදුනේ ගම්මැද්ද පාරේ දමාගිය සැකකරු සහ සැකකාරිය හාලිඇල පොලිස් ස්ථානය විසින් අද (14) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය එම දැරියගේ මව බවට තොරතුරු වාර්තා වන අතර සැකකරු සැකකාරියගේ අනියම් සැමියා ලෙස හඳුනාගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකාර යුවල වත්තේගම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website