මහාමාර්ගයක අපරීක්ෂාකාරී ලෙස ආරක්ෂක හිස් වැසුම් ද නොමැතිව යතුරුපැදි ධාවනය කරමින් සැරසරන කණ්ඩායමක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
මාර්ගය සමන්තුරය බල ප්‍රදේශයේ මාර්ගයක් බව හඳුනා ගැනීමෙන් අනතුරුව සමන්තුරේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකර ඊයේ (14) දින වන දින සිද්ධියට අදාළ යතුරුපැදි 08ක් සොයා ගෙන පොලිස් භාරයට ගෙන තිබෙන අතර සැකකාර යතුරුපැදිකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශනයේ දී මෙම යතුරුපැදි 2026.07.11 වන දින මෙලෙස යතුරුපැදි ධාවනයේ යෙදී ඇති බව අනාරවණය වී ඇත.
සැකකරුවන් පිරිස යතුරුපැදි සමඟ අද (15) දින සමන්තුරේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
සමන්තුරේ පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශනය ක්‍රියාත්මකයි.















