ලග්ගල පොලිස් වසමේ කිවුලවාඩිය ප්රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ලග්ගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට 2026.07.11 වන ලද තොරතුරක් මත ලග්ගල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය අවුරුදු 45 ක් වූ කිවුලවාඩිය ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය අසල නිවසකට ගමන් කරමින් සිටින අතරතුර කිවුලවාඩිය කරමාන මාර්ගයේදී මෙලෙස වන අලි ප්රහාරයකට ලක්ව ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.














