කොස්ගොඩ පොලිස් වසමේ පැලෑගස්පලාත ප්‍රදේශයේදී කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත නිවසක වැටලීමක් සිදුකර පිස්තෝල අවියක්, එම පතරොම් ගැබක්, එම පතරොම් 02 ක් හා හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 29 ක් වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොස්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.












