වෑන් රථයක සහ කාර් රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට – පලාගිය කාර් රථයේ රියදුරු වව්නියාවේදී අත්අඩංගුවට

පුලියන්කුලම පොලිස් වසමට අයත් ඒ 09 මාර්ගයේ රාමනූර් ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ ද්විත්ව රිය අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක මාර්ගය හරහා ගමන් කල මෙම පදිකයා මුලින්ම ගැටී ඇති අතර, ඉන් විසිවී ගිය ඔහු ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකටද යටවී ඇති බව පොලිසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියැදුරු පුලියන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුරින් පසු නොනවත්වා පලා යමින් සිටි කාර් රථය සහ එහි රියැදුරු වව්නියාව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website