ඩෙංගු මදුරු කීටයන් හමු වූ පරිශ්‍ර 8,000කට අධික සංඛ්‍යාවක හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේය.
මෙම වසරේ ජූලි 07 වැනි දින දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 62,422ක් වාර්තා වී ඇති බවත් ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.













