අද (05) පස්වරුවේ මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් රැඳවියන් 29 දෙනෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අද දහවල් 02.00 ට පමණ බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මෙයට හේතුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ විශාල පිරිසක් මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, රෝහල්ගත කළ පිරිස අතරින් රැඳවියන් දෙදෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇත.
පවත්නා තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරය තුළ තවමත් නොසන්සුන්කාරී වාතාවරණයක් පවතින අතර, උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර බලධාරීන් සහ අදාළ අංශ විසින් මේ වන විටත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලිස්ථානය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.















