නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සේවාවන් රැසක් ඇඟිලි තුඩින් ලබාගැනීමේ පහසුව මහජනතාවට හිමිකරදීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත වීශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
ව්‍යාපෘතිය අවසානයේ IOS හා Android මෙහෙයුම් පද්ධති සඳහා සරිලන ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හා නව පොලිස් වෙබ් අඩවියක් ඔබගේ තාක්ෂණික උපාංගය (Device) මගින් පරිශීලනය කිරීමට හැකිවනු ඇත.
ජංගම දුරකථන යෙදවුම ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙත සමීපකරන දැනුවත්කිරීම්,පුවත්,ඡායාරූප, වීඩියෝ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති අතර Notification පහසුකම හරහා ඔබ වෙත යම් හදිසි දැනුවත් කිරීමක් එසැණින් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.
පොලිස් නිශ්කාෂණ වාර්තා අයදුම් කිරීම්, හදිසි දුරකථන ඇමතුම් අංක, හදිසි අවස්ථාවක Location Alerts වැනි පහසුකම් වැනි පොලිස් සේවා ඔබට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීමට නියමිතය.
“Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ නිර්මාණයක් වන මෙම යෙදවුම හා වෙබ් අඩවිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය හා පාලනය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින්ද අන්තර්ගත කරුණු පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් ද සකස් කරමින් පවතී.
ඒ් අනුව පොලිස් සේවා ලබාගැනීම සඳහා මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා විවිධාකාරයෙන් වැයවන මහජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරිකර දෙමින් මෙම යෙදවුම නුදුරු කාලයේදී සෑම පුරවැසියෙකුගේම නවීන ජංගම දුරකථනයක් තුළ සුලභව භාවිතා වන යෙදවුමක් වනු ඇත.
පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සාකච්ඡා කෙරෙන හමුවක් ඊයේ (16) පොලිස් මූලස්ථානයේදී පැවැත් වුණේය.













