2026 උසස් පෙළ සමත් 92,043ක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අයදුම් කරලා – කඩඉම් ලකුණු අගෝස්තු මුල

පසුගිය දා පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් 92,043 දෙනෙක් අයදුම් කර ඇති බවත් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,937 දෙනෙකු තෝරා ගැනීමට අපේක්ෂා කරන බවත් මහාචාර්ය ලියනගේ පැවසුවේය.

තෝරාගත් සිසුන් 2026 අගෝස්තු දෙවන, තෙවන සහ සිව්වන සතිවලදී බඳවා ගැනීමට නියමිත බව පැවසූ මහාචාර්ය වසන්ත ලියනගේ සැප්තැම්බර් මස මුල් සතිවලදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website