බීමත් රියැදුරා පැදවූ කාර් රථයේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගාඩ මාර්ගයේ දී ඊයේ (06) දින ඇඹුල්ගම දෙසට ධාවනය වූ කාර් රථයක් එම දෙසටම මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුර සිදුකල කාර් රථය නොනවත්වා පලා ගොස් ඇත. අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකාරියන් අවුරුදු 42 හා 44 වයස්වල පසුවූ රනාල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.

සී.සී.ටී.වී දර්ශන හා ලද තොරතුරු මත විමර්ශනය සිදු කළ පොලිසිය විසින් සැකකාර රියැදුරු හා කාර් රථය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති අතර හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website