2016 භාණ්ඩාගාර බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති චෝදනා තවදුරටත් පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අ අවලංගු කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
2016 මාර්තු මාසයේදී මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමකදී රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරන ලදී.
මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.















