තෙදිනක් තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් හතරක් – සැකකරුවන් හයක් අත්අඩංගුවට

ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය 2026.05.28 දින අළුයම උඩවලව පොලිස් වසමේ පහනකඩුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් ගංජා කිලෝග්‍රෑම් 26 ග්‍රෑම් 770 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් ගව සොරකම් කිහිපයක් සඳහාද අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවන් බව අනාවරණය වී ඇති අතර පල්ලේබැද්ද හා තණමල්විල ප්‍රදේශවල පදිංචි අවුරුදු 26,31,37 හා 46 වයසේ පසුවන්නන් ලෙස හඳුනාගෙන තිබේ.

උඩවලව පොලිස් ස්ථානය විසින් සැකකරුවන් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

2026.05.28 දින දහවල් බදුරලිය පොලිස් වසමේ තුඹගල්ල කන්ද ප්‍රදේශයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 362 මිලිග්‍රෑම් 87 ක් සොයා ගැනීමට බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත් විය.

සැකකරුවන් මේ දක්වා අනාවරණය වන නොවන අතර අත්අඩංගුවට ගැනීම සදහා බදුරලිය පොලිස් ස්ථානය විමර්ශන සිදු කරයි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.05.26 දින රාත්‍රී එඬේරමුල්ල පොලිස් වසමේ සම්පයා මාවත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 213 ක් හා හෙරොයින් ග්‍රෑම් 516 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 18 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි .

මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2026.05.28 දින සවස මිගමුව පොලිස් වසමේ ලයිට් මෝල හන්දිය ප්‍රදේශයේදී හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 521 මිලිග්‍රෑම් 750 ක්, හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 200ක් හා ජාවරමෙන් උපයා ගත් බවට සැකකරනු ලබන මුදල් රුපියල් 346,000 (තුන්ලක්ෂ හතලිස් හය දහසක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මිගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 24 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website