අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරන නම්‍යශීලී අධ්‍යාපනය ක්‍රමයක් අවශ්‍යයි – අගමැති හරිනි

පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලය (COL) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ  ‘ශ්‍රී ලංකාව තුළ ජාතික ක්ෂුද්‍ර- අක්ත පත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ රාමුවක් (National Micro-Credentials Framework) සංවර්ධනය කිරීමේ දෙදින වැඩමුළුවේ’ දෙවන දිනයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වූවාය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසුවාය, “අධ්‍යාපන ක්‍රමයට නම්‍යශීලී බව අවශ්‍යයි. නමුත් ඒ නම්‍යශීලී බව ඇති කළ යුත්තේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙනයි. ඔබ මේ අධ්‍යාපන පද්ධතියේ තීරණ ගන්නා අය විදිහට,  ගුණාත්මකභාවය රැකගනිමින් ඉදිරියට යාමට හැකි මර්ගය නිර්මාණය කළ  යුතුයි”

පසුගිය මැයි 26 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ  දී මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website