තේරී පත්වීමෙන් පසු දේශපාලන පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ආසන අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මැතිවරණවලදී ලබා දෙන මහජන ජනවරම ආරක්ෂා කිරීම අරමුණු කරගත් යෝජිත නීති සම්පාදනය බව ඔහු තවදුරටත් පැවසීය.
අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට ගෙන ඒමට රජයට කිසිදු සැලසුමක් නොමැති බවයි.














