අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (25) රාත්‍රී ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් එම පතොරොම් 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 49 ක් වන කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී සැකකරුගේ නිවසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 ක් ද පොලිස් භාරයට ගෙන ඇත
අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














