මහ බැංකුව – රේගුව රට පටලවයි: නාමික හුවමාරු අගය නොතකා රේගුවෙන් ඩොලරයට රු. 354.17ක්

නාමික හුවමාරු අගය නොතකා ශ්‍රී ලංකා රේගුවෙන් ඩොලරයට රුපියල් 354.17ක හුවමාරු අගයක් ලබා දෙන බව Free Lawyers සංවිධානය අද (26) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ වානිජ්‍ය බැංකු විසින් නිවේදනය කර ඇති නාමික විනිමය අනුපාතය කුමක් වුවත්, ශ්‍රී ලංකා රේගුව 2026 මැයි 25 සිට මැයි 29 දක්වා ඩොලරයකට රු. 351.17 ක විනිමය හුවමාරු අගයක් මත සියළු ගණුදෙනු කරන බව ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අන්තර් බැංකු ඩොලර් හුවමාරුව හරහා කෘතීම ලෙස ඩොලරයේ අගය පහත මට්ටමක පවත්වා ගැනීමට උත්සහ දරණ නමුත්, රාජ්‍යයට ඉහළම ආදායමක් ලබා දෙන ශ්‍රී ලංකා රේගුව රටේ නාමික විනිමය හුවමාරු අගයට වඩා වැඩි අගයක් අය කරනු ලබයි.

මෙය භාණ්ඩ මිල සම්බන්ධයෙන් සෘජුව බලපානු ලබනු බැවින් මහ බැංකුව ඔවුන්ගේ නාමික විනිමය හුවමාරු අගයට රේගු ගණුදෙනු සඳහා වන අගය ද වහා සංශෝධනය කළ යුතු බව ‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි.   

(ඇමුණුම  පුවත්පත් නිවේදනය සහ රේගු අධ්‍යක්ෂ ‍ජනරාල් ගේ ගැසට් නිවේදනය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website