ඇඟළුම් සේවිකායන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරක – 19කට තුවාල

කහතුඩුව දියගම මාර්ගයේ අද (25) සවස ඇඟලුම් කම්හල් සේවකයින් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

බස් රථය මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් වාහනයකට ඉඩ සැලසීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන්ගෙන් 17 දෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් තවත් අයෙකු වෑතර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූ මගීන්ගෙන් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website