ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් සංචිත නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ. මෙම සංචාරයේදී ශ්රී ලංකා සුදු පන්දුවේ කණ්ඩායම් දෙක වන එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙන අතර, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදිම ධනංජය ද සිල්වාට හිමිව තිබේ.
විශේෂත්වයක් ලෙස කමිඳු මෙන්ඩිස් සංචිත තුනටම ඇතුළත්ව සිටින අතර, ඔහු සියලු කණ්ඩායම්වල උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් වසර කීපයක්ම කටයුතු කරන ලද කමිදු මෙන්ඩිස්, ජාතික කණ්ඩායමක උප නායක ධුරයට පත්වන්නේ පළමු වතාවට වීම විශේෂත්වයක් වේ.
මෙම තරග සංචාරය ජුනි මස 03 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, අනතුරුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පැවැත්වේ. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්රි ලංකා කණ්ඩායම සිව් දින පුහුණු තරගයකටද සහභාගිවීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා සහභාගිවීම සඳහා ශ්රී ලංකා කණ්ඩාය හෙට (මැයි මස 26) වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතය.
T20I සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් (උප නායක), දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ඒෂාන් මාලිංග, බිනුර ප්රනාන්දු, නුවන් තුෂාර.
එක්දින සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් (උප නායක), මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ඒෂාන් මාලිංග, අසිත ප්රනාන්දු, ප්රමෝද් මදුෂාන්.
ටෙස්ට් සංචිතය – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිශ්ශංක, ලහිරු උදාර, නිශාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්(උප නායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු, ලහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රජිත.
මූලාශ්රය – ශ්රී ලංකා ක්රිකට්














