ජංගම දුරකථනය නැති වුණොත් හෝ සොරා ගත්තොත් කුමක් කළ යුතු ද ? පොලිසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන නැති වීම්, අස්ථානගත වීම් සහ සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලි දෛනිකව වාර්තා වන තත්ත්වය තුළ ජංගම දුරකථනය අස්ථානගත වීම හෝ නැති වීමක් හෝ යමෙකු සොරා ගත් විට අනුගමනය කළ යුතු වැදගත් පියවර කිහිපයක් සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීම පොලිසිය විසින් කර ඇත. එම විශේෂ වාර්තාව පහත දැක්වේ.

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන නැති වීම්, අස්ථානගත වීම් සහ සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලි දෛනිකව වාර්තා වේ. ජංගම දුරකථනය අස්ථානගත වීම හෝ නැති වීමක් හෝ යමෙකු සොරා ගත් විට අනුගමනය කළ යුතු වැදගත් පියවර කිහිපයක් ඇත.

අනතුරුව ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. එවිට IMEI අංකය සඳහන් කිරීම ඉතාමත් වැදගත් වේ.

* ජංගම දුරකථනය අස්ථානගත වන්නට පෙර, නැති වෙන්නට පෙර, IMEI අංකය ඇතුළු සේවා විස්තර තමා සතුව තබා ගැනීම අදාල පුද්ගලයන්ගේ වගකීමකි. ජංගම දුරකථනයක IMEI අංකය සොයා ගැනීම සඳහා මෙම කෙටි යෙදුම

(*#06# ) භාවිතා කළ හැක.

* තවද, ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය ineed.police.lk නම් වෙබ් පිටුව හඳුන්වා දී ඇත. එම වෙබ් පිටුවට පිවිසී ලියාපදිංචි වන්න.

එම වෙබ් අඩවියට පිවිස දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් ඔබේ දුරකතය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

2024 වසරේදී අස්ථානගත වූ දුරකථන 2796 ක් නැවත සොයාගෙන හිමිකරුවන්ට භාර දීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වී ඇත. එමෙන්ම 2024 දී සොරකම් කරන ලද ජංගම දුරකථන 928 දත්ත නිවැරදිව සම්පූර්ණ වීම හේතුවෙන් මහජනතාවට ලබා දීමට ක්‍රියා කර ඇති අතර එම අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම 2025 වසරේදී අස්ථානගත වූ දුරකථන 2355 ක් නැවත සොයා ගැනීමට හා සොරකම් කරන ලද දුරකථන 1019 ක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වී ඇත.

තවද, යම් අයෙකුට හිමි නැති දේපලක් හමු වූ විට කඩිනමින් ළඟම තිබෙන පොලිස් ස්ථානයට හෝ පොලිස් නිලධාරියකුට එම දේපල භාර දී සහතිකයක් හෝ සටහනක් ලබාගැනීම හෝ පැමිණිල්ලක් ආශ්‍රයෙන් ඒ පිළිබඳ දැනුම් දීමේ හැකියාව ඇත.

තමාට අයත් නොවන දේපලක් තමා භාරයේ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී සාවද්‍ය පරිහරණය නැමති අපරාධමය වරදක් සංස්ථාපනය වේ. මෙහිදී වසර 02ක සිරදඬුවමකට යටත් වීමේ හැකියාව ඇත. එබැවින් තමාට අයිති නැති දේපලක් තම සන්තකයේ තබා ගැනීම නීතිය ඉදිරියේ වරදකී. යම් පුද්ගලයෙකු සොරාගත් ජංගම දුරකථනයක් හෝ වෙනත් දේපලක් අඩු මිලට ලබා දීම හේතුවෙන් එය මිලදී ගෙන සොර බඩු ලඟ තබා ගැනීම මඟින් එම පුද්ගලයා වරදකට වරදකරුවෙකු වන අතර වසර 03 ක කාලයක් සිර දඬුවම් විඳීමට සිදු වනු ඇත.

Source:https://web.facebook.com/srilankapoliceofficial/?_rdc=1&_rdr#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website