2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර නිල සංචාරයක නිරත වන අතරතුර ඊයේ (20) බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British Council) අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය හරිනි විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවාය.
දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වු අතර ගුරු පුහුණු වැඩසටහන්, ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ව්‍යාපෘති, අධ්‍යාපන රාමු සහ භාෂා ප්‍රවීණතා කුසලතා සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.















