කටුවන පොලිස් වසමේ වලස්මුල්ල මිද්දෙණිය මාර්ගයේ මිද්දෙණිය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මහරුප්ප පාලම ආසන්නයේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ 27 හැවිරිදි යතුරුපැදිකරු හා පසුපැදිකරු කටුවන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුවන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















