ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාමෙන් ඇඟළුම් කර්මාන්තය බරපතළ අර්බුදයක් අභියස – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය

ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි ගාස්තු ඉහළ යාම ඇළුම් නිෂ්පාදන පිරිවැය ඉහළ නංවන බවත් මේ තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළෙපොළේ තරකාරීත්වය අසීරු වී ඇති බවත් ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයේ උප සභාපති රුමේෂ් පෙරේරා මහතා පවසයි.

රුමේෂ් පෙරේරා මහතා පැවසුවේ ඒකක 180 ට වැඩි ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සියයට 18ක විදුලි ගාස්තු වැඩිවීම දැනටමත් ඉහළ යන මෙහෙයුම් පිරිවැය සමඟ පොරබදමින් සිටින ඇඟලුම් කර්මාන්තශාලා මත අමතර පීඩනයක් ඇති කර ඇති බවයි.

වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසුවේය, “අපි තවමත් ක්ෂණික කම්පනයට මුහුණ දී නැහැ. නමුත් අනාගත නිෂ්පාදන සඳහා පිරිවැය ගණනය කරන විට ඇඟලුම් ඒකකයක පිරිවැය වැඩි වී තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට තරඟකාරී මිල ගණන් ලබා දිය නොහැකි නම් ඇණවුම් සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් අපට තිබෙනවා” ඔහු පැවසීය.

මෙහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ, වියට්නාමය, ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි කලාපීය තරඟකරුවන් සමඟ ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟ කිරීම ඉදිරියේ දී වඩාත් අභියෝගාත්මක විය හැකි බවයි.

මහා පරිමාණ කර්මාන්තශාලා කිහිපයක්  හරිත බලශක්ති විසඳුම් වෙත මාරු වී ඇතත්, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා බහුතරයක් තවමත් ජාතික විදුලි සැපයුම මත දැඩි ලෙස රඳා පවතින බව ඔහු සඳහන් කළේය.

“ඇඟලුම් අංශය විශාල අභියෝගයකට මුහුණ දී සිටිනවා. නිෂ්පාදකයින් සඳහා අඩු මිලකට විදුලිය සැපයීම සඳහා රජයට වැඩසටහනක් හඳුන්වා දිය හැකි නම්, කර්මාන්තයට තිරසාරව පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා” ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website