2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් මිලියන 3ක දඩයක් නියම කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වග උත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි.















