අධිකරණ නියෝගය පරිදි අටමස්ථානාධිපති නාහිමියන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවයි

දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති නා හිමියන් අද (14) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතා ඊයේ (13) කළ නියෝගයක් අනුවය. වෛද්‍ය නිර්දේශ මත සැකකාර හිමිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙස ඊයේ මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයේ සඳහන් විය.

නාහිමියන් ප්‍රතිකාර ලබන කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත ගොස් සැකකාර නාහිමියන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website