ජාතික රණවිරු දින සැමරුම 19 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්: විශේෂ වෙනස්කම් කිහිපයක් ද  එක් වෙයි

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය මෙම මස 19 වැනිදා පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොන (විශ්‍රාමික) මහතා පවසයි.

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය සම්බන්ධයෙන් අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගත වූ කාලවකවානුව තුළ මෙන්ම යුද්ධ සමයේ දී මෙරට නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් තම ජීවිත පුද කළ රණවිරුවන් වාර්ෂිකව සිහිපත් කර ජාතියේ ගෞරවය පුද කිරීමට මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන බව ද ඔහු පැවසීය.

පසුගිය වසරවල මෙන්ම මෙවරත් සම්ප්‍රදායික ආකාරයෙන් සැමරුම පැවැත්වෙන අතර, විශේෂ වෙනස්කම් කිහිපයක්ද  එක් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙවර සැමරුමේදී රණවිරුවන්ට මෙන්ම තම රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩි වශයෙන් සහභාගී වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website