2025 දී ශ්‍රී ලංකාවෙන් බරවා රෝගීන් 68 දෙනෙක් වාර්තා වූ බව බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේය.
දේශීය රෝගීන් 34 දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයින් 34 දෙනෙකු මේ අතර සිටින බව සේරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.
හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හතෙන් බරවා රෝගීන් අඛණ්ඩව වාර්තා වන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව 2030 වන විට බරවා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම ඉලක්ක කර ඇත.
“2030 වන විට දේශීය රෝගීන් ශූන්‍ය අගයකට ගෙන ඒම තමයි අපේ සැලසුම. අඛණ්ඩ මහජන සෞඛ්‍ය සහ අධීක්ෂණ වැඩසටහන් හරහා රෝගය පාලනය කිරීමට අපි මේ වන විට සමත් වී සිටිනවා” බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේය.
















