2026 වර්ෂයේ අගෝස්තු මස 07 වැනිද දක්වා දිවයින පුරා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් සහ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,033 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසයි.
අගෝස්තු මාසයේ මුල් දින 7 තුළ පමණක් රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන ඇත.
සමස්ත රෝගීන්ගෙන් 52.94% ක්ම, එනම් රෝගීන් 47,136 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 18,922ක් වාර්තා වී ඇත. එය සමස්ත රෝගීන්ගෙන් 21.25%කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679ක් වාර්තා වී ඇති අතර කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,569 දෙනෙකු වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයට අනුව පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි.
මෙම පසුබිම තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබෙන බව ද ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය වැඩි දුරටත් පැවසුවේය.
















