දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අටමස්ථානාධිපති හිමියන් මැයි 22 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
සැකකාර නාහිමියෝ ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ පෞද්ගලික රෝහලට ගිය මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාර නියෝගය නිකුත් කිරීමට පෙර සැකකරු කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙස ද බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
මෝසමක් මගින් මෙම නඩුව අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
මේ අතර බන්ධනාගාර නිලධාරීන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු දිගු දුරක් ප්‍රවාහනය කිරීමට සුදුසු තත්ත්වයක නොමැති බවත් විශේෂිත වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් අවශ්‍ය බවත් සඳහන් කළේය.
නඩුව මැයි 22 වන දින යළි කැඳවීමට නියමිතය.











